Wednesday, September 1, 2021

හිජාබ් නීතිය පීඩාකාරී වන්නේ කුමන ආකාරයෙන් ද?

Hijab
 බටහිර මාධ්‍ය වල සිරස්තලය

පීඩනයට එරෙහිව සටන් කිරීම සඳහා හිජාබ් නීතිය උල්ලංඝනය කරන ලෙස ඉරාන (හෝ සෞදි) කාන්තාවන් බටහිර සංචාරකයින්ගෙන් ඉල්ලති!

ප්‍රශ්නය:    "හිජාබ් නීතිය" පීඩාකාරී වන්නේ කුමන ආකාරයෙන් ද?

පිළිතුර:    කාන්තාවන්ට අවශ්‍ය ඕනෑම දෙයක් ඇඳීමට නොහැකි නිසා එය පීඩාකාරී ය. ඔවුන්ට තෝරා ගැනීමේ හැකියාවක් නැත.

ප්‍රශ්නය:    නමුත් මිනිසුන්ට තමන්ට අවශ්‍ය ඕනෑම දෙයක් ඇඳීමට, එනම් අසීමිතව තෝරා ගැනීමට ඉඩ සලසන රටක් ලෝකයේ තිබේද?

පිළිතුර:    ඔව්, සැබවින්ම බටහිර රටවල්!

ප්‍රශ්නය:    මේ බටහිර රටවල පුද්ගලයෙකුට ලිංගික අවයව පෙන්වාගෙන ප්‍රසිද්ධියේ ඇවිදින්න පුළුවන් ද?

පිළිතුර:    හ්ම්... බැහැ

ප්‍රශ්නය:    එසේ නම් ඔබ පීඩනයට පත් කිරීම පිළිබඳ ඔබේ නිර්වචනය අනුව ඔහු තමාවම ආවරණය කර ගැනීම පීඩාකාරී ද? මෙයින් අදහස් කරන්නේ, මෙම රටවල පුද්ගලයෙකුට සෑම විටම තෝරා ගත නොහැකි බව නොවේද? 

පිළිතුර:    නැත, මන්ද කෙනෙකුගේ ලිංගික අවයව හෙළිදරව් කිරීම විනීතභාවයේ සහ ශිෂ්ඨත්වයේ මූලධර්ම උල්ලංඝනය කරන බැවිනි. එය කෙනෙකුගේ හිසකෙස් හෙළිදරව් කිරීමට වඩා බෙහෙවින් වෙනස් ය

ප්‍රශ්නය:    ශරීරයේ එක් විශේෂිත ප්‍රදේශයක් (ලිංගේන්ද්‍රිය) හෙළිදරව් කිරීම විනීතභාවය සහ ශිෂ්ඨත්වය උල්ලංඝනය කරන බවත් ශරීරයේ තවත් කොටසක් (හිසකෙස්) හෙළිදරව් කිරීම සම්පූර්ණයෙන්ම පිළිගත හැකි බව කවුද තීරණය කළේ?

පිළිතුර:    ඔහ්, එය සාමාන්‍ය දෙයකි.

ප්‍රශ්නය:    කවුද එය තීරණය කළේ? එය පදනම් වන්නේ කුමකින් ද? එවැනි අදහසක් පවා පැමිණෙන්නේ කොහෙන් ද?

පිළිතුර:    ඒක,ඒක...

ප්‍රශ්නය:    අතීත හා වර්තමානය වන විට සිය ගණන් සංස්කෘතීන් හා සමාජයන් හි "නිරුවත" (Nudity) පිළිබඳව විවිධ සංකල්ප, "විනීතභාවය"(decency) පිළිබඳ විවිධ සම්මතයන්, ... ආදි වශයෙන් විවිධ සීමාවන් තිබෙන බව ඔබ දන්නවා ද?

පිළිතුර:    ඒක,ඒක...

ප්‍රශ්නය:    මුළු ලෝකයේම (ඉරානය, සෞදි අරාබිය හෝ ඇෆ්ගනිස්ථානය වැනි රටවල පවා) බටහිර සම්මතයන් සාමාන්‍ය නීති ලෙස සම්මත කර ගැනීමට ඉල්ලීම හෝ අවම වශයෙන් සාධාරණීකරණය කිරීමට ඔබට ප්‍රතිපත්තිමය පදනමක් (principled basis) තිබේ ද?

පිළිතුර:    ඒක,ඒක...

පොදු ස්ථාන සඳහා මුස්ලිම්වරුන්ගේ ඇඳුම් පැළඳුම් සම්මතයන් පදනම් වී ඇත්තේ දිව්‍යමය මඟ පෙන්වීම් මත ය. ආවරණය කළ යුතු හෝ නොකළ යුතු යැයි අප විශ්වාස කරන දෙය ලැබෙන්නේ අල්ලාහ් අණ කළ දෙයින් ය.අපි අල්ලාහ්ව විශ්වාස කරන තාක් කල්, අපි එම මඟ පෙන්වීම අනුගමනය කරන අතර එම විධානයන්හි විශාල විශ්වීය වැදගත්කම් සහ ප්‍රඥාව අවබෝධ කර ගැනීමට උත්සාහ කරන්නෙමු. අනෙක් අය මේ කිසිවක් විශ්වාස නොකරත් අවම වශයෙන් මුස්ලිම්වරුන් තුළ මෙම උසස් ප්‍රතිපත්ති වලින් තර්කානුකූල සාධාරණීකරණයක් තිබෙන බව පිළිගත යුතුය

නමුත් බටහිර ඇඳුම් පැළඳුම් සම්මතයන් සියල්ල පදනම් වී ඇත්තේ ඔවුන්ගේ සංස්කෘතික සම්මතයන් මත මිස අන් කිසිවක් මත නොවේ. එම සංස්කෘතික සම්මතයන්ට මූලධාර්මික පදනමක් නොමැත. ඒ සියල්ලන්ගේම හරය මෙයයි "අපි පිළිපදින්නේ මේ විදියට තමයි" එසේ නැතහොත් "අපේ මුතුන් මිත්තන් කරන දේ මෙය බව අපට පෙනී ගිය අතර අපි ඔවුන්ව අනුගමනය කරන්නේ එය සැප පහසු දෙයක් වන බැවිනි" යන කාරණා හැර වෙන කිසිවක් නොවේ.

කෙසේ නමුත් කිසිඳු පදනමකින් තොර වු ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් පිළිබඳ ඔවුන් දරන අදහස් සටන්කාමි ලෙස දැඩි ලෙස විශ්වාස කරයි. නමුත් අපගේ අදහස් ස්ථීර පදනම් මත පිහිටයි. කෙසේනමුත් "තෝරා ගැනීමේ අයිතිය" (choice) සහ "නිදහස" (freedom) වැනි තේරුමක් නැති වචන වලට රැවටී අපි ලේසියෙන්ම ඒවා කඩා විසික් කර ගනිමින් සිටින්නෙමු.

සටහන:     

මුස්ලිම් කාන්තාවන් හිජාබය පැළඳිය යුත්තේ ඇයිද යන්නට "හේතුව" ඉහත විස්තර කිරීමට අපි උත්සාහ කර නැත. ඒ වෙනුවට, එය ඉස්ලාමය සහ මුස්ලිම් ප්‍රජාවන් වෙත එල්ල කරන ලද ‘පීඩාකාරී, අතාර්කික සහ තෝරා ගැනීමේ නිදහසට අගෞරව කරන’ යැයි නිශ්චිත හා පොදු විවේචනයට ප්‍රතිචාරයක් පමණි.


~Daniel Haqiqatjou

Tuesday, August 24, 2021

හදීස් ප්‍රතික්ෂේප කරන්නන්ගේ මනසට බලපාන රෝග

Hadith Book

මුලින්ම වෛද්‍ය විද්‍යාවේ දී ප්‍රධාන වශයෙන් රෝගයේ ප්‍රභවයට ප්‍රතිකාර කළ යුතුය. රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කිරීම ද වැදගත් ය, නමුත් ඔබ ප්‍රභවයට ප්‍රමුඛත්වය නොදී ඒ වෙනුවට රෝග ලක්ෂණ කෙරෙහි අවධානය යොමු කළහොත් රෝගියා දිගින් දිගටම දුක් විඳින අතර රෝගය තව තවත් උග්‍ර වනු ඇත.

හදීසයේ සත්‍යතාවයට පහර දෙන අය සම්බන්ධයෙන් අප ඇසිය යුත්තේ "හදීස් පිළිබඳ ඔවුන්ගේ අපහසුවට හේතුව කුමක්ද?" යන්නය. ඇත්ත වශයෙන්ම, ඔවුන්ගේ හදීසයන්වල අව්‍යාජභාවය පිළිබඳ ප්‍රකාශයන්ට එරෙහිව අප පිළිතුරු දීම වැදගත් ය . නමුත් අපි මුලික හේතුව ආමන්ත්‍රණය නොකළහොත් අපගේ උත්සාහයන් සීමිත වනු ඇත. නැත්නම් සම්පූර්ණයෙන් ම නිෂ්ඵල වනු ඇත.

නිදසුනක් වශයෙන්, ඇතැමුන් සමහර හදීස් වල සත්‍යතාවයට පහර දෙන්නේ එම හදීස් විද්‍යාත්මක නොවන බැවිනි. එවැනි පුද්ගලයින් සමඟ හදීස් සත්‍යාපනය පිළිබඳ තර්ක විතර්ක කිරීම හුදෙක් රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කිරීම හා සමාන වේ. ඔබ ඔවුන්ගේ එක් කරුණක් මත වැරදී බව ඔප්පු කරන්නේ නම්, ඔවුන් ඉක්මනින් එම කරුණ අතහැර දමා ඊළඟ අරුම පුදුම කරුණක් වෙත මාරු වෙයි.

කෙසේවෙතත්, ඔවුන්ගේ මනසට බලපාන රෝගය අඛණ්ඩව පවතිනු ඇති අතර නිශ්චය වශයෙන්ම එය තව දුරටත් පැතිරෙනු ඇත. මන්ද? අල් කුර්ආනයෙහි වර්තමාන විද්‍යාත්මක සම්මුතියන්ට පටහැනි යැයි පෙනෙන බොහෝ පද අඩංගු බව ඔවුන් දැනුමට අනුව වටහාගැනීමත් සමඟ ඉතා ඉක්මනින්ම ඔවුන් අල් කුර්'ආනය පවා ප්‍රතික්ෂේප කරනු ඇත.

ඇත්ත වශයෙන්ම, හදීස් ප්‍රතීක්ෂේප කරන්නන්ට හදීස් අන්තර්ගතයන් සම්බන්ධයෙන් ඇති ගැටලු වැනිව අල් කුර්ආනයෙහි විශාල වශයෙන් දක්නට ලැබේ. හදීසයන් විද්‍යාවට, කාන්තාවන්ගේ අයිතිවාසිකම් වලට, නූතනවාදී ආචාර ධර්ම යනාදියන්ට පටහැනි යැයි විවේචනය කරන ආකාරයටම අල් කුර්ආනය ද ඒ ආකාරයට විවේචනය කළ යුතුය.

එසේ නම්, හදීස් ප්‍රතීක්ෂේප කිරීම ඉස්ලාමය අත්හැර යෑමේ දොරටුවක් යැයි කීම පුදුමයක් නොවේ ද ? වඩාත් සංගත හදීස් ප්‍රතික්ෂේප කරන්නන් අවසානයේ දී අල් කුර්ආනය ප්‍රතික්ෂේප කර ඉස්ලාමයෙන් ඉවත් වේ. ඔවුන් හදීස් ප්‍රතික්ෂේප කරන්නේ මිනිසා විසින් නිර්මානය කරන ලද විද්‍යාවාදය (Scientism), ස්ත්‍රීවාදය (Feminism), ලිබරල්වාදය (Liberalism) හා භෞතිකවාදය (Materialism) වැනි දෘෂ්ටිවාදයන් නබිතුමාගේﷺ වචනවලට වඩා ඉහළින් තබා ඇති බැවිනි. ඔවුන් එම මතවාදයන්ට අනුකූල වන ලෙස ඉස්ලාමය ප්‍රතිසංස්කරණය කිරීමට උත්සාහ කරන අතර එය කළ නොහැකි බව සොයාගත් විට ඔවුහු ඉස්ලාමය ප්‍රතික්ෂේප කරති.

මෙය අලුත් දෙයක් නොවන අතර අතීතයේ නොමග ගිය කණ්ඩායම් අතර ද අව්‍යාජ ඉස්ලාමය අතහැර දැමූ අතීත විකෘති කණ්ඩායම්වල ද එම දෝෂ සහිත මානසිකත්වය දක්නට ලැබුණේ ඔවුන් විසින් මිනිසා විසින් සාදන ලද දර්ශනවාදයේ අවසාන සත්‍යය ලෙස සැලකූ බැවිනි.

මෙය අලුත් දෙයක් නොවන අතර අව්‍යාජ (Authentic) ඉස්ලාමය අතහැර මිනිසුන් විසින් සාදන ලද දර්ශනයන් පරම සත්‍යයන් ලෙස සැලකු දෝෂ සහිත මානසිකත්වයක් ඇති නොමග ගිය කණ්ඩායම් අතීතයේ පවා සොයාගත හැකි ය.

ඇතැම් මුස්ලිම්වරුන් ඉස්ලාමය වෙනුවට දරන්නාවූ නුතන දර්ශනවාදී මතවාදයන් සැබැවින්ම මනුෂ්‍ය චින්තනයෙන් බිහිවූ අනුමානාත්මක සංකල්පයන්ය. අවසානයේදී එය හා එහි අනුගාමිකයින් ඉතිහාසයේ කසළ බඳුනට විසිවනු ඇත.




මුල් ලිපිය :- www.muslimskeptic.com

Monday, August 2, 2021

මැක්‍රොන් ඉස්ලාමයට සමච්චල් කරන කාටූන් ශිල්පීන් ආරක්ෂා කරන අතර ඔහුව සමච්චල් කරන කාටූන් ශිල්පීන්ට එරෙහිව නඩු පවරයි

Macron as Hitler

 

ප්‍රංශ ප්‍රභූ පැලැන්තියේ කුහකකමට සීමාවක් නැද්ද?

Euro News¹:

කෝවිඩ් -19 සීමාවන් වලට විරෝධය දැක්වීම සඳහා ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ව ඇඩොල්ෆ් හිට්ලර් ලෙස නිරූපනය කළ දැන්වීම් පුවරුවේ හිමිකරුට එරෙහිව නඩු පවරයි.
මැක්‍රොන්ට මෙම කාටූනය ගැන සතුටු නැත. නමුත් ඉස්ලාමයට අපහාස කරන කාටූන් ගැන කතා කරන විට ඔහු අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසේ ආරක්ෂකයකි. ඔහු පවසන පරිදි:

කතා කිරීමට, ලිවීමට, සිතීමට සහ ඇඳීමට ඇති නිදහස මම සැමවිටම මගේ රටේ ආරක්ෂා කරමි

 Emmanuel Macron: "I will always defend in my country the freedom to speak, to write, to think, to draw.”

Also Emmanuel Macron: no no not like that pic.twitter.com/7fM86LQTIA

අදහස් ප්‍රකාශ කිරීමේ සීමාව කුමක් ද යන්න  ප්‍රංශය ඇත්තෙන්ම කාටූන් පිළිබඳව සිය ස්ථාවරය පැහැදිලි කළ යුතුයි.

ප්‍රංශ ඉතිහාසයේ ප්‍රබුද්ධ චින්තකයින් සිතුවේ ඵලදායි මහජන විවාදයන් සඳහා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස අවශ්‍ය වන බවය. එයාලට අනුව, වාරණය යනු රාජාණ්ඩු හා ඒකාධිපති පාලකයන්ගේ මාවත මිස නිදහසේ හා ප්‍රජාතන්ත්‍රවාදයේ මඟ නොවේ යන්නය. එනිසා ප්‍රංශ ජනරජය කියා සිටියේ ඉතාමත් නින්දිත අපහාස හා සමච්චලයට පවා ඉවසීම ප්‍රදර්ශනය කළ යුතු බවයි.

කෙසේ වෙතත්, ප්‍රංශයේ "ඉවසීම" සෑම ආකාරයකම "අපහාසයන්" සඳහා ක්‍රියාත්මක නොවන බව ඉතිහාසය සනාථ කරයි.

1789 ප්‍රංශ විප්ලවයෙන් පසුව ඔබ ජනරජයට විරුද්ධ වුවා යැයි ඔබගේ අසල්වැසියෙකු විසින් ඔබට එරෙහිව සරල චෝදනාවක් එල්ල කරත් ඔබට මරණ දඬුවම නියම කල හැකිය. 1995දී බ්‍රිතාන්‍ය ඉතිහාසඥ බර්නාඩ් ලූවිස් ආර්මේනියානුවන්ට එරෙහි තුර්කි ජන සංහාරය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් උසාවියේදී පරාජයට පත් විය. 2006 තුළ නාසි ගාල් කඳවුරේ ගෑස් කුටීර තිබීම ප්‍රතීක්ෂේප කිරීම හේතුවෙන් ප්‍රංශ ඉතිහාසඥ රොබර්ට් ෆොරිසන් අත්අඩංගුවට ගෙන තිබේ.  "I am not Charlie" යැයි කියු නිසා 2015දී ප්‍රංශ හාස්‍ය රචක ඩියුඩොන්ට එරෙහිව නඩු පවරා ඇත.

ප්‍රංශයේ ඓහික වටිනාකම් (secular values) වලට පටහැණිව ප්‍රකාශයන් නිකුත් කිරීම තහනම් කරමින් මුස්ලිම් නායකයන්ට පොරොන්දු පත්‍රයකින්² අත්සන් ලබා ගැනීම මුස්ලිම් ප්‍රකාශන නිදහසට සීමා පැණවීමක් සිදු විය.

මෙයින් ප්‍රංශයේ භාෂණ නිදහස සහ ඉවසීම පිළිබඳ ප්‍රකාශය විගඩමක් මෙන් පෙනෙනවා පමණක් නොවේ, එමඟින් භාෂණ නිදහස පිළිබඳ සමස්ත සංකල්පය මෝඩ හා අර්ථ විරහිත පෙනුමක් ලබා දේ.

නැවත මැක්‍රෝන් දෙස සලකා බැලුවොත්, හිට්ලර් ලෙස ඔහුගේ මෙම කාටූනය ගැන අපි කුමක් කිව යුතු ද සහ කුමක් සිතන්න ද? 2020 දී කරන ලද ජනාධිපති මැක්‍රොන්ගේ ප්‍රකාශය³ උපුටා දක්වමු:

ප්‍රංශය තුළ අපහාස කිරීම් නිදහස හෘද සාක්ෂියේ නිදහස සමඟ සම්බන්ධ වී ඇත. මේ සියලු නිදහස ආරක්ෂා කිරීමට මම මෙහි සිටිමි. ප්‍රංශය තුළ කෙනෙකුට ජනාධිපතිවරයෙක්, ආණ්ඩුකාරවරයෙක් අපහාස, විවේචනය කළ හැකිය.

ඉස්ලාමයට අපහාස කරන දේශපාලනඥයින්ට, අන්තර්ජාල භාවිතා කරන අයට සහ සියොන්වාදී උද්ඝෝෂකයින්ට එරෙහි නඩු පැවරීමට ප්‍රංශ නීතිය මුස්ලිම්වරුන්ට ඉඩ දෙයි ද? නැත, ඇත්ත වශයෙන්ම, ප්‍රංශ රජය මෙම පුද්ගලයින්ගේ ආරක්ෂාව සඳහා පැමිණෙන අතර නිදසුනක් වශයෙන්, ප්‍රංශ රජයේ ගොඩනැගිලි මත ඔවුන්ගේ අපහාසාත්මක කාටූන් ප්‍රක්ෂේපණය කිරීමෙන් ඔවුන්ගේ අපහාසයන් පවා තර දුරටත් වැඩි කරයි.

ප්‍රංශය නීත්‍යානුකූලව ඉස්ලාමයට එරෙහි ප්‍රහාරකයන් ආරක්ෂා කරන නමුත් මැක්‍රොන් වැනි දේශපාලනඥයින්ව අපහාස කරන අයට එරෙහිව දණ්ඩනීය නඩු (punitive lawsuits) ගොනු කිරීමේ හැකියාව ලබා දේ.

සම්බන්ධතා :-

  1. https://www.euronews.com/2021/07/29/french-president-emmanuel-macron-sues-billboard-owner-for-depicting-him-as-hitler
  2. https://muslimskeptic.com/2021/04/28/france-forces-muslims-to-sign-loyalty-declaration-and-denounce-islamic-values/
  3. https://www.dw.com/en/frances-macron-refuses-to-condemn-charlie-hebdo-cartoons-of-prophet-muhammad/a-54788078 
~Hud Lesprit