Wednesday, September 1, 2021

හිජාබ් නීතිය පීඩාකාරී වන්නේ කුමන ආකාරයෙන් ද?

Hijab
 බටහිර මාධ්‍ය වල සිරස්තලය

පීඩනයට එරෙහිව සටන් කිරීම සඳහා හිජාබ් නීතිය උල්ලංඝනය කරන ලෙස ඉරාන (හෝ සෞදි) කාන්තාවන් බටහිර සංචාරකයින්ගෙන් ඉල්ලති!

ප්‍රශ්නය:    "හිජාබ් නීතිය" පීඩාකාරී වන්නේ කුමන ආකාරයෙන් ද?

පිළිතුර:    කාන්තාවන්ට අවශ්‍ය ඕනෑම දෙයක් ඇඳීමට නොහැකි නිසා එය පීඩාකාරී ය. ඔවුන්ට තෝරා ගැනීමේ හැකියාවක් නැත.

ප්‍රශ්නය:    නමුත් මිනිසුන්ට තමන්ට අවශ්‍ය ඕනෑම දෙයක් ඇඳීමට, එනම් අසීමිතව තෝරා ගැනීමට ඉඩ සලසන රටක් ලෝකයේ තිබේද?

පිළිතුර:    ඔව්, සැබවින්ම බටහිර රටවල්!

ප්‍රශ්නය:    මේ බටහිර රටවල පුද්ගලයෙකුට ලිංගික අවයව පෙන්වාගෙන ප්‍රසිද්ධියේ ඇවිදින්න පුළුවන් ද?

පිළිතුර:    හ්ම්... බැහැ

ප්‍රශ්නය:    එසේ නම් ඔබ පීඩනයට පත් කිරීම පිළිබඳ ඔබේ නිර්වචනය අනුව ඔහු තමාවම ආවරණය කර ගැනීම පීඩාකාරී ද? මෙයින් අදහස් කරන්නේ, මෙම රටවල පුද්ගලයෙකුට සෑම විටම තෝරා ගත නොහැකි බව නොවේද? 

පිළිතුර:    නැත, මන්ද කෙනෙකුගේ ලිංගික අවයව හෙළිදරව් කිරීම විනීතභාවයේ සහ ශිෂ්ඨත්වයේ මූලධර්ම උල්ලංඝනය කරන බැවිනි. එය කෙනෙකුගේ හිසකෙස් හෙළිදරව් කිරීමට වඩා බෙහෙවින් වෙනස් ය

ප්‍රශ්නය:    ශරීරයේ එක් විශේෂිත ප්‍රදේශයක් (ලිංගේන්ද්‍රිය) හෙළිදරව් කිරීම විනීතභාවය සහ ශිෂ්ඨත්වය උල්ලංඝනය කරන බවත් ශරීරයේ තවත් කොටසක් (හිසකෙස්) හෙළිදරව් කිරීම සම්පූර්ණයෙන්ම පිළිගත හැකි බව කවුද තීරණය කළේ?

පිළිතුර:    ඔහ්, එය සාමාන්‍ය දෙයකි.

ප්‍රශ්නය:    කවුද එය තීරණය කළේ? එය පදනම් වන්නේ කුමකින් ද? එවැනි අදහසක් පවා පැමිණෙන්නේ කොහෙන් ද?

පිළිතුර:    ඒක,ඒක...

ප්‍රශ්නය:    අතීත හා වර්තමානය වන විට සිය ගණන් සංස්කෘතීන් හා සමාජයන් හි "නිරුවත" (Nudity) පිළිබඳව විවිධ සංකල්ප, "විනීතභාවය"(decency) පිළිබඳ විවිධ සම්මතයන්, ... ආදි වශයෙන් විවිධ සීමාවන් තිබෙන බව ඔබ දන්නවා ද?

පිළිතුර:    ඒක,ඒක...

ප්‍රශ්නය:    මුළු ලෝකයේම (ඉරානය, සෞදි අරාබිය හෝ ඇෆ්ගනිස්ථානය වැනි රටවල පවා) බටහිර සම්මතයන් සාමාන්‍ය නීති ලෙස සම්මත කර ගැනීමට ඉල්ලීම හෝ අවම වශයෙන් සාධාරණීකරණය කිරීමට ඔබට ප්‍රතිපත්තිමය පදනමක් (principled basis) තිබේ ද?

පිළිතුර:    ඒක,ඒක...

පොදු ස්ථාන සඳහා මුස්ලිම්වරුන්ගේ ඇඳුම් පැළඳුම් සම්මතයන් පදනම් වී ඇත්තේ දිව්‍යමය මඟ පෙන්වීම් මත ය. ආවරණය කළ යුතු හෝ නොකළ යුතු යැයි අප විශ්වාස කරන දෙය ලැබෙන්නේ අල්ලාහ් අණ කළ දෙයින් ය.අපි අල්ලාහ්ව විශ්වාස කරන තාක් කල්, අපි එම මඟ පෙන්වීම අනුගමනය කරන අතර එම විධානයන්හි විශාල විශ්වීය වැදගත්කම් සහ ප්‍රඥාව අවබෝධ කර ගැනීමට උත්සාහ කරන්නෙමු. අනෙක් අය මේ කිසිවක් විශ්වාස නොකරත් අවම වශයෙන් මුස්ලිම්වරුන් තුළ මෙම උසස් ප්‍රතිපත්ති වලින් තර්කානුකූල සාධාරණීකරණයක් තිබෙන බව පිළිගත යුතුය

නමුත් බටහිර ඇඳුම් පැළඳුම් සම්මතයන් සියල්ල පදනම් වී ඇත්තේ ඔවුන්ගේ සංස්කෘතික සම්මතයන් මත මිස අන් කිසිවක් මත නොවේ. එම සංස්කෘතික සම්මතයන්ට මූලධාර්මික පදනමක් නොමැත. ඒ සියල්ලන්ගේම හරය මෙයයි "අපි පිළිපදින්නේ මේ විදියට තමයි" එසේ නැතහොත් "අපේ මුතුන් මිත්තන් කරන දේ මෙය බව අපට පෙනී ගිය අතර අපි ඔවුන්ව අනුගමනය කරන්නේ එය සැප පහසු දෙයක් වන බැවිනි" යන කාරණා හැර වෙන කිසිවක් නොවේ.

කෙසේ නමුත් කිසිඳු පදනමකින් තොර වු ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් පිළිබඳ ඔවුන් දරන අදහස් සටන්කාමි ලෙස දැඩි ලෙස විශ්වාස කරයි. නමුත් අපගේ අදහස් ස්ථීර පදනම් මත පිහිටයි. කෙසේනමුත් "තෝරා ගැනීමේ අයිතිය" (choice) සහ "නිදහස" (freedom) වැනි තේරුමක් නැති වචන වලට රැවටී අපි ලේසියෙන්ම ඒවා කඩා විසික් කර ගනිමින් සිටින්නෙමු.

සටහන:     

මුස්ලිම් කාන්තාවන් හිජාබය පැළඳිය යුත්තේ ඇයිද යන්නට "හේතුව" ඉහත විස්තර කිරීමට අපි උත්සාහ කර නැත. ඒ වෙනුවට, එය ඉස්ලාමය සහ මුස්ලිම් ප්‍රජාවන් වෙත එල්ල කරන ලද ‘පීඩාකාරී, අතාර්කික සහ තෝරා ගැනීමේ නිදහසට අගෞරව කරන’ යැයි නිශ්චිත හා පොදු විවේචනයට ප්‍රතිචාරයක් පමණි.


~Daniel Haqiqatjou

No comments:

Post a Comment