Friday, January 7, 2022

හවා එදිරිව හුදා: අදේවවාදි මිත්‍යාවන්

 


الهوى والهدى

අරාබි බසින් මෙම වචන දෙක වෙනස් වන්නේ එක් අකුරකින් පමණි. එක් අකුරක් ( "හා" සහ "අලිෆ් මක්සූරා" අතර මැද අකුර: "වාව්" එරෙහිව "දාල්" ) මෙම වචන දෙකෙහි ප්‍රතිවිරුද්ධ අර්ථයන් ඇති කිරීමට හේතු වේ.

හුදා ( الهُدَى) යනු මගපෙන්වීම

හවා  ( الهَوَى) යනු අභිරුචිය (Whims), මමත්වය (Ego)

සෑම වචනයක්ම විස්තර කරන්නේ සම්පූර්ණ මාවතක්, සමස්ත දර්ශනයක් සහ මානසික ස්වභාවයකි.

මුස්ලිම්වරුන් අල්ලාහ්ගේ මගපෙන්වීම් සඳහා තමාගේ අභිරුචියන්, මතයන් හා මමත්වයන් අවනත කර දමයි.
"හුදා" පරදවයි "හවා"

නූතන ඓහිකකරණය (secularized) වූ බටහිර සමාජය "හවා" වෙනුවට "හුදා" සඳහා ආක්‍රමණශීලීව තල්ලු කරයි

නූතන අඥෙයවාදියාට (agnostic) /අදේවවාදියාට (atheist) අනුව මඟ පෙන්වීම යනු කුමක් ද? මට මඟ පෙන්විය හැක්කේ කාටදමම මටම මග පෙන්වන්නෙමි! මට මනසක්, මොළයක්, කැමැත්තක් ඇත. මට තනියම හිතන්න පුළුවන්. මම විචාරශීලී චින්තකයෙක්. මම එය තේරුම් ගත හැක. මට හරියි කියලා හිතෙන දේ කරන්න ඕන. මට මගේ සත්‍යය කතා කරන්න ඕන. මගේ සත්‍යය සහ ඔබේ සත්‍යය. බොහෝ සත්‍යයන් තිබේ! එසේනම් *මඟපෙන්වීම* යනු කුමක්ද?

ඔයා ඔයාම කරගන්න. විනිශ්චය නොකරන්න

සම්පූර්ණයෙන්ම වෙනස් මාර්ග දෙකක්. අත්‍යන්තයෙන් විරුද්ධ සුසමාදර්ශ දෙකක්.

නබි صلى الله عليه وسلم තුමා පවසනවා

قال ﷺ: “لا يؤمن أحدكم حتى يكون هواه تبعًا لما جئت به.”

"ඔහුගේ හවා මා ගෙන ආ දේ අනුගමනය කරන තුරු ඔබගෙන් කිසිවෙකු (ඊමාන් සහිත) විශ්වාසවන්තයෙකු නොවේ."

අල්ලාහ් මෙම ආයතය (වාක්‍ය) තුළින් හුදා සහ හවා යන වචන දෙක සමපාත (juxtapose) කරයි.

 فَإِن لَّمْ يَسْتَجِيبُوا۟ لَكَ فَٱعْلَمْ أَنَّمَا يَتَّبِعُونَ أَهْوَآءَهُمْ ۚ وَمَنْ أَضَلُّ مِمَّنِ ٱتَّبَعَ هَوَىٰهُ بِغَيْرِ هُدًى مِّنَ ٱللَّهِ ۚ إِنَّ ٱللَّهَ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلظَّـٰلِمِينَ

ඔබට ඔවුහු පිළිතුරු නොදුන්නේ නම් එවිට දැන ගනු. නියත වශයෙන්ම ඔවුන් අනුගමනය කරනුයේ ඔවුන්ගේ ආශාවන්ය. අල්ලාහ් වෙතින් වූ මගපෙන්වීම හැර දමා තම ආශාවන් පිළිපදින්නාට වඩා නොමග ගියවුන් කවරෙකු ද? නියත වශයෙන්ම අල්ලාහ් අපරාධකාරී ජනයාට මග පෙන්වන්නේ නැත. (අල්කුර්ආනය සූරාහ් කසස් 50)

හුදා නැතුව හවා පස්සෙන් යන කෙනාට වඩා නොමග ගිය කෙනෙක් තවත් නෑ.

~umm khalid