Tuesday, August 24, 2021

හදීස් ප්‍රතික්ෂේප කරන්නන්ගේ මනසට බලපාන රෝග

Hadith Book

මුලින්ම වෛද්‍ය විද්‍යාවේ දී ප්‍රධාන වශයෙන් රෝගයේ ප්‍රභවයට ප්‍රතිකාර කළ යුතුය. රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කිරීම ද වැදගත් ය, නමුත් ඔබ ප්‍රභවයට ප්‍රමුඛත්වය නොදී ඒ වෙනුවට රෝග ලක්ෂණ කෙරෙහි අවධානය යොමු කළහොත් රෝගියා දිගින් දිගටම දුක් විඳින අතර රෝගය තව තවත් උග්‍ර වනු ඇත.

හදීසයේ සත්‍යතාවයට පහර දෙන අය සම්බන්ධයෙන් අප ඇසිය යුත්තේ "හදීස් පිළිබඳ ඔවුන්ගේ අපහසුවට හේතුව කුමක්ද?" යන්නය. ඇත්ත වශයෙන්ම, ඔවුන්ගේ හදීසයන්වල අව්‍යාජභාවය පිළිබඳ ප්‍රකාශයන්ට එරෙහිව අප පිළිතුරු දීම වැදගත් ය . නමුත් අපි මුලික හේතුව ආමන්ත්‍රණය නොකළහොත් අපගේ උත්සාහයන් සීමිත වනු ඇත. නැත්නම් සම්පූර්ණයෙන් ම නිෂ්ඵල වනු ඇත.

නිදසුනක් වශයෙන්, ඇතැමුන් සමහර හදීස් වල සත්‍යතාවයට පහර දෙන්නේ එම හදීස් විද්‍යාත්මක නොවන බැවිනි. එවැනි පුද්ගලයින් සමඟ හදීස් සත්‍යාපනය පිළිබඳ තර්ක විතර්ක කිරීම හුදෙක් රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කිරීම හා සමාන වේ. ඔබ ඔවුන්ගේ එක් කරුණක් මත වැරදී බව ඔප්පු කරන්නේ නම්, ඔවුන් ඉක්මනින් එම කරුණ අතහැර දමා ඊළඟ අරුම පුදුම කරුණක් වෙත මාරු වෙයි.

කෙසේවෙතත්, ඔවුන්ගේ මනසට බලපාන රෝගය අඛණ්ඩව පවතිනු ඇති අතර නිශ්චය වශයෙන්ම එය තව දුරටත් පැතිරෙනු ඇත. මන්ද? අල් කුර්ආනයෙහි වර්තමාන විද්‍යාත්මක සම්මුතියන්ට පටහැනි යැයි පෙනෙන බොහෝ පද අඩංගු බව ඔවුන් දැනුමට අනුව වටහාගැනීමත් සමඟ ඉතා ඉක්මනින්ම ඔවුන් අල් කුර්'ආනය පවා ප්‍රතික්ෂේප කරනු ඇත.

ඇත්ත වශයෙන්ම, හදීස් ප්‍රතීක්ෂේප කරන්නන්ට හදීස් අන්තර්ගතයන් සම්බන්ධයෙන් ඇති ගැටලු වැනිව අල් කුර්ආනයෙහි විශාල වශයෙන් දක්නට ලැබේ. හදීසයන් විද්‍යාවට, කාන්තාවන්ගේ අයිතිවාසිකම් වලට, නූතනවාදී ආචාර ධර්ම යනාදියන්ට පටහැනි යැයි විවේචනය කරන ආකාරයටම අල් කුර්ආනය ද ඒ ආකාරයට විවේචනය කළ යුතුය.

එසේ නම්, හදීස් ප්‍රතීක්ෂේප කිරීම ඉස්ලාමය අත්හැර යෑමේ දොරටුවක් යැයි කීම පුදුමයක් නොවේ ද ? වඩාත් සංගත හදීස් ප්‍රතික්ෂේප කරන්නන් අවසානයේ දී අල් කුර්ආනය ප්‍රතික්ෂේප කර ඉස්ලාමයෙන් ඉවත් වේ. ඔවුන් හදීස් ප්‍රතික්ෂේප කරන්නේ මිනිසා විසින් නිර්මානය කරන ලද විද්‍යාවාදය (Scientism), ස්ත්‍රීවාදය (Feminism), ලිබරල්වාදය (Liberalism) හා භෞතිකවාදය (Materialism) වැනි දෘෂ්ටිවාදයන් නබිතුමාගේﷺ වචනවලට වඩා ඉහළින් තබා ඇති බැවිනි. ඔවුන් එම මතවාදයන්ට අනුකූල වන ලෙස ඉස්ලාමය ප්‍රතිසංස්කරණය කිරීමට උත්සාහ කරන අතර එය කළ නොහැකි බව සොයාගත් විට ඔවුහු ඉස්ලාමය ප්‍රතික්ෂේප කරති.

මෙය අලුත් දෙයක් නොවන අතර අතීතයේ නොමග ගිය කණ්ඩායම් අතර ද අව්‍යාජ ඉස්ලාමය අතහැර දැමූ අතීත විකෘති කණ්ඩායම්වල ද එම දෝෂ සහිත මානසිකත්වය දක්නට ලැබුණේ ඔවුන් විසින් මිනිසා විසින් සාදන ලද දර්ශනවාදයේ අවසාන සත්‍යය ලෙස සැලකූ බැවිනි.

මෙය අලුත් දෙයක් නොවන අතර අව්‍යාජ (Authentic) ඉස්ලාමය අතහැර මිනිසුන් විසින් සාදන ලද දර්ශනයන් පරම සත්‍යයන් ලෙස සැලකු දෝෂ සහිත මානසිකත්වයක් ඇති නොමග ගිය කණ්ඩායම් අතීතයේ පවා සොයාගත හැකි ය.

ඇතැම් මුස්ලිම්වරුන් ඉස්ලාමය වෙනුවට දරන්නාවූ නුතන දර්ශනවාදී මතවාදයන් සැබැවින්ම මනුෂ්‍ය චින්තනයෙන් බිහිවූ අනුමානාත්මක සංකල්පයන්ය. අවසානයේදී එය හා එහි අනුගාමිකයින් ඉතිහාසයේ කසළ බඳුනට විසිවනු ඇත.




මුල් ලිපිය :- www.muslimskeptic.com

No comments:

Post a Comment