Tuesday, November 1, 2022

අදේවවාදින්ගේ විසංවාදය


 අදේවවාදියෙක් සාමාන්‍යයෙන් කරන ප්‍රකාශයක්

"මේ මුළු විශ්වයම මැවූ සර්වබලධාරී නිර්මාණකරු මිනිසුන්ගේ පෞද්ගලික ජීවිත ගැන සැලකිලිමත් විය යුත්තේ ඇයි?

අපගේ ලිංගික ජීවිතය ගැන ද, දෙවියන්ට නමස්කාර කරන්නේ ද නැත් ද යන්න සර්වබලධාරි නිර්මාණකරු සැලකිලිමත් වන්නේ ඇයි?"

ඒ අදේවවාදීයාම සාමාන්‍යයෙන් කරන තවත් ප්‍රකාශයක්

"මේ මුළු විශ්වයම මැවූ සර්වබලධාරී නිර්මාණකරු මිනිසුන්ට සිදුවන අයහපත් දේ සහ දුක් කරදර ගැන නොසලකන්නේ ඇයි?

සර්වබලධාරී නිර්මාණකරු මිනිසුන්ට වේදනා රහිත සුව පහසු ජීවිතයක් ලබා නොදෙන්නේ ඇයි? ඇයි අපගේ පුද්ගලික සැප පහසුකම් සහ එදිනෙදා ජීවිතයේ සතුට ගැන සොයා නොබලන්නේ?"

~DH